නැන්දම්මාගේ කීමට මාමණ්ඩියට ගංජා රැගෙන යමින් සිටි බෑණා අත්අඩංගුවට
Tuesday, 30 June 2020 - 8:14 | Views - 623
රන්න,18 යාය ප්රදේශයේ සිදුවන ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරකට අනුව හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (29) සවස සිදුකළ වැටලීමකදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ගංජා ග්රෑම් 95ක් පොලිස් භාරයට ගැනුණා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හුංගම පොලිස් වසමට අයත් හුංගම, කට්ටකඩුව, 18 යාය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙක්.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්ණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ බිරිදගේ මවගෙන් ලද උපදෙස් මත සිය මාමණ්ඩියට ලබාදීම සදහා ගංජා රැගෙන ගිය බවයි.
සිද්ධිය සම්බන්ධන්යෙන් වැඩිදුර විමර්ශණ කටයුතු හුංගම පොලිසියට විසින් සිදුකරනවා.
Share This Article