ටයර් මැද පිළිස්සෙමින් තිබියදී, පසුගියදා දඹුල්ලෙන් හමුවූ පුද්ගල මළ සිරුරේ රහස හෙළිවෙයි
Tuesday, 30 June 2020 - 8:10 | Views - 2,273
පසුගියදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පුළුස්සා දැමීමේ  සිද්ධියට සම්බන්ධ බවට සැක කරන  පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාශ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන්  ඊයේ (29) රාත්‍රියේ දඹුල්ල පොලිසිය වෙත භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 16 වනදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ ටයර් දමා පුද්ගලයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගැනුණා.

මෙලෙස ඝාතනයකර ඇත්තේ වැලි ටිපර් ‍රියදුරෙක් ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද තවත් වැලි ටිපර් හිමිකරුවන් තිදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් ගෝනවැව ඉදිකිරීම් සඳහා වැලි සපයන පිරිසක්.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු  මියගිය වැලි ටිපර් රියදුරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනයට දින කිහිපයකට පෙර ටිපර් රථයක් මඟින් පරණ ටයර්, සිරුර පිලිස්සූ ස්ථානයට ගෙනවිත් දමා තිබෙනවා.

අනතුරුව පසුගිය 16 වන දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමඟ දඹුල්ලට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අනතුරුව උදැල්ලකින් ගෙල කපා මෙම ඝාතනය කර ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ බව දඹුල්ල පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් පවසනේ මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා අනෙක් සැකරුවන් දෙදෙනාගේ ද සහය ලබාගෙන ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top