ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට ඉරානයෙන් වරෙන්තු
Monday, 29 June 2020 - 20:41 | Views - 1,954
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉරාන නීතිපතිවරයා විසින් අද වරෙන්තු නිකුත් කළ අතර ඒ සඳහා ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලා සිටියා.
ඒ, ඉරාන විප්ලවකාරී හමුදා බලකායේ ප්‍රධානී කසෙම් සොලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කරමින්.
පසුගිය ජනවාරි 3 වන දා ඔහු ඉරාකයේදී ජීවිතක්ෂයට පත්වූයේ ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින්.
Share This Article