ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙයි (ඡායාරූප)
Monday, 29 June 2020 - 19:07 | Views - 689
“ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්වූවා.කොළඹ සිනමාශාලාවකදී ඊයේ (28) පස්වරුවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණා.සරත් කොතලාවලගේ සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්රපටයෙහි සම නිෂ්පාදකවරුන් වන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරියි.ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල “ද නිව්ස් පේපර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10.30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය හැකිය.ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ දර්ශන වාරය නැරඹීමට එක්ව සිටියා.මේ අතර මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරය නැරඹීම සඳහා ජනාධිපති ආර්යාව ද එක්ව සිටීම විශේෂත්වයක්.
Share This Article