දරුවෙක් ලැබෙන්න හිටපු තමන්ගේ බිරිඳ තිලිණිව, SPA එකක පිරිමින්ගේ පහසට දුන්නු, නරුම සැමියෙකු කළ තිරිසන් ක්‍රියාව - Video
Monday, 29 June 2020 - 14:27 | Views - 3,308
වටිනාකම් කියන දේවල්... ඔබටවත් මටවත් ජීවිතේ බලෙන් අත්පත් කරගන්න අමාරුයි... ඒ දේවල් අපිට හිමිවන්නේ අපි සමාජයේ කොතරම් හොඳින් ජීවත් වනවාද ? යන කාරණාව මත... අපි කොයි තරම් ආදරණීය ද? අපි කොයි තරම් කරුණාවන්ත ද? කොයි තරම් විශ්වාසවන්ත ද ? කියන කාරණා ඒකේ දී බලපානවා...
 
ඒ වගේම තමයි ආදරය.. ගෞරවය... විශ්වාසය.. වගේ දේවල්... බිඳ වැටුණොත් එහෙම නැවත එක්කාසු කරන්න හරි අමාරුයි... අද අපේ කතාවත් ඒ වගේ බිඳ වැටුණු විශ්වාසයන් ගැන කතාවක්........
 
එහෙමනම්... හැඟුම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න...

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 122 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
 
ඇගේ නම තිලිණි... ගමක හැදුණු කෙල්ලක්.. ඇගේ ගම පොළොන්නරුවේ... මේ පුංචි කෙල්ල උසස් පෙළට සුදානමිනුයි හිටියේ.. ඇගේ අයියා ගුරුවරයෙක්. ඉතින් අයියාගේ යාළුවෙක් වුනු සපුමල් තමයි තිලිණිගේ පළවැනි ආදර කතන්දරේ අයිතිකරු...
 
ඒත් ඒ කතාව එච්චර ලස්සන එකක් නෙවෙයි. තිලිණි තමන් සතුව තිබුණූ පරිස්සම් කරපු හැමදේම සපුමල්ට පූජා කරන්න දෙපාරක් හිතුවේ නැත්තේ ඇය ඒ තරම් සපුමල්ට ආදරය කරපු නිසයි..
 
ඒත්.. ඒ හැම ආශාවක්ම තමන් සන්තක කරගත්ත සපුමල් ඇයව අත් හරින්නේ ඇය බලාපොරොත්තු නොවුනු විදිහටයි. මේ සිදුවීමෙන් කළකිරීමට පත් වුනු තිලිණි තමන්ගේ පැරදුණූ ආදර මතක අමතක කරන්න හිතාගෙන කොළඹ රටට සේන්දු වෙනවා..
 
ඒත්... ඇය ඇත්තටම ඒ ගමන නොආවනම් කියලා ඈ දැන් හිතනවා ඇති...
 
කොළඹ රටේ ඉන්නකොට තිලිණිට මුණ ගැහුණු ඊළඟ අහඹූ පෙම්වතා වුනේ අසංක. අසංකගේ ඇසුරත් දුර දිග යන්නේ කාලය යන ඉක්මනින්මයි. කාලය රවටන්න බැරි වුනු තැන අහම්බෙන් වගේ තමන්ට අසංක නිසා දරුවෙක් ලැබෙන්න ඉන්න බව ඇය දැනගන්නවා.
 
රටට ලෝකයට මුහුණ දෙන්න බැරිවුණු තිලිණිගේ දෙමවුපියන්, අසංකව ගෙන්නලා තිලිණිට විවාහ කර දෙන්න තීරණය කරනවා.
 
අසංක... තිලිණිවත් එක්කරගෙන ආයෙම කොළඹ රටට යනවා. ඒත් අසංක කියන්නේ තිලිණි හිතපු විදිහේ "ශාන්ත දාන්ත තීන්ත කූඩුවක්" නොවෙයි.. ඔහු මතට ඇබ්බැහි වුනු සුළු රැකියාවක් කරන තරුණයෙකු විතරයි.. තමන්ට මත් වෙන්න සල්ලි නැති තැන ඔහු තමන්ගෙම බිරිඳව "ස්පා" එකකට යවන්න තීරණය කරනවා.
 
ඒ තිරිසන් ක්‍රියාව නිසාම අන්ත අසරණ වෙන තිළිණි තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ දේවල් දරාගන්න තීරණය කරනවා.
 
දිගින් දිගටම පිරිමින්ගේ ඇඟ පත අත ගානවට අමතරව තමන්ගේ ශරීර කූඩුව ඔවුන්ට විකුණපු තිලිණිට අන්තිමට සිද්ධ වුණේ කවුරුත්ම නොහිතපු විදිහේ දෙයක්...
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
තිලිණිගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top