ඉඳුරුවේ විහාරස්ථානයක හිමිනමක ඝාතනය කෙරේ
Monday, 29 June 2020 - 13:55 | Views - 1,118
ඉඳුරුව - මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උන්වහන්සේගේ සිරුර එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී අද පෙරවරුවේ සොයාගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇති හිමිනමගේ වයස අවුරුදු 73ක්.

මළසිරුර සොයාගෙන ඇත්තේ විහාරස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් ලබාදුන් තොරතුරකට අනුවයි.

ඝාතනයට ලක් වූ හිමියන්ගේ මළසිරුර සොයාගන්නා අවස්ථාවේ දෙපා ගැටගසා තිබූ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

සිද්ධියට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top