ඉඳුරුවේ විහාරස්ථානයක හිමිනමක ඝාතනය කෙරේ
Monday, 29 June 2020 - 13:55 | Views - 1,119
ඉඳුරුව - මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උන්වහන්සේගේ සිරුර එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී අද පෙරවරුවේ සොයාගත් බවයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇති හිමිනමගේ වයස අවුරුදු 73ක්.
මළසිරුර සොයාගෙන ඇත්තේ විහාරස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් ලබාදුන් තොරතුරකට අනුවයි.
ඝාතනයට ලක් වූ හිමියන්ගේ මළසිරුර සොයාගන්නා අවස්ථාවේ දෙපා ගැටගසා තිබූ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
සිද්ධියට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
Share This Article