පාකිස්ථාන කොටස් වෙළඳපොලට ප්‍රහාර එල්ල කළ ත්රස්තයන් හතරදෙනාම ජීවිතක්ෂයට
Monday, 29 June 2020 - 13:16 | Views - 454
පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොල ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා පැමිණි තුවක්කකරුවන් සිව්දෙනා ආරක්ෂක අංශ එල්ල කර වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි හුවමාරුවෙන් එක් පොලිස් නිලධාරියෙකු සහ කොටස් වෙළඳපොලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද මියගොස් ඇති බවයි.
තුවක්කරුවන් කොටස් වෙළඳපොල ප්‍රධාන පිවිසුම වෙත පළමුව අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ල තුළට කඩාවැදී වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
Share This Article