සේර ඇල්ලෙන් වැටුණු තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම්
Monday, 29 June 2020 - 13:07 | Views - 922
ලග්ගල - ඉලුක්කුඹුර - සේරඇල්ල නැරඹීමට ගොස් ඊට ඇද වැටී අතුරුදන් වූ තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ, නාවික හමුදාවේ සහ පොලිස් කිමිදුම් ඒකකයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන්.
ඊයේ පස්වරු හතරට පමණ සිය පෙම්වතිය සමඟ ඡායාරූපයක් ගැනීමට සේර ඇල්ලේ ඉහළ කොටසට ගිය අවස්ථාවේ දෙදෙනාම ඇල්ලට ඇද වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එහිදී අදාළ තරුණිය, ඇල්ල නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙකු විසින් බේරාගෙන තිබෙනවා.
මොවුන් සිය ඥාතීන් පිරිසක් සමඟ ලග්ගල, රිවස්ටන් සහ නකල්ස් ආදී ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ ඡායාරූප ශිල්පීන්ද සමඟ සංචාරය කර ඇත්තේ විවාහයට පෙර ඡායාරූප ගැනීම සඳහායි.
මෙම යුවළ ලබන මාසයේ විවාහ වීමට නියමිතව සිටි අය බව සඳහන්.
දිය ඇල්ලට ඇද වැටී අතුරුදන් වූ තරුණයා කුරුණෑගල - පන්සිලුගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
Share This Article