සේර ඇල්ලෙන් වැටුණු තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම්
Monday, 29 June 2020 - 13:07 | Views - 923
ලග්ගල - ඉලුක්කුඹුර - සේරඇල්ල නැරඹීමට ගොස් ඊට ඇද වැටී අතුරුදන් වූ තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ, නාවික හමුදාවේ සහ පොලිස් කිමිදුම් ඒකකයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන්.

ඊයේ පස්වරු හතරට පමණ සිය පෙම්වතිය සමඟ ඡායාරූපයක් ගැනීමට සේර ඇල්ලේ ඉහළ කොටසට ගිය අවස්ථාවේ දෙදෙනාම ඇල්ලට ඇද වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී අදාළ තරුණිය, ඇල්ල නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙකු විසින් බේරාගෙන තිබෙනවා.

මොවුන් සිය ඥාතීන් පිරිසක් සමඟ ලග්ගල, රිවස්ටන් සහ නකල්ස් ආදී ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ ඡායාරූප ශිල්පීන්ද සමඟ සංචාරය කර ඇත්තේ විවාහයට පෙර ඡායාරූප ගැනීම සඳහායි.

මෙම යුවළ ලබන මාසයේ විවාහ වීමට නියමිතව සිටි අය බව සඳහන්.

දිය ඇල්ලට ඇද වැටී අතුරුදන් වූ තරුණයා කුරුණෑගල - පන්සිලුගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top