හෝමාගම මූලික රෝහල අද සිට අදියර කිහිපයකින් විවෘත කෙරේ
Monday, 29 June 2020 - 12:44 | Views - 620
කොරෝනා රෝගීන් සඳහා වෙන් කර තිබූ හෝමාගම මූලික රෝහල අද සිට අදියර කිහිපයක් යටතේ සාමාන්‍ය රෝගීන් සඳහා විවෘත කෙරුණු අතර අද දිනයේ දී පැවැත්වු දෛනික සායනික කටයුතු සඳහා බොහෝ දෙනෙකු සහභාගි වු බවයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි සඳහන් කළේ.
මේ අතර කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපදවන එන්නත් නොමිලේ බෙදාහැරීමට ඉදිරිපත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා නොබෙල් සාම ත්‍යාගලාභීන් 18 දෙනෙකු සහ රාජ්‍ය නායකයින් 100 කට වැඩි පිරිසක් ලිපියකට අත්සන් කර තිබෙනවා.
එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ 49,377දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පන්ලක්ෂ 4,466ක් ලෙසයි.
Share This Article