ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් දිනෙන් දින ඉහළට
Monday, 29 June 2020 - 11:53 | Views - 2,109
ලොවපුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 10 ලක්ෂ 243,859 කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා මරණ 504,410ක් වාර්තාවුණා.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොවිඩ් 19 රෝගීන් 40,540ක් සොයා ගැනීමත් සමඟ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,637,077ක් දක්වා ඉහළ ගිය අතර එරට මරණ සංඛ්‍යාව 128,437ක් වාර්තා වන්නේ නව මරණ 285ක් සොයාගැනීමත් සමඟයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවෙනවා.

ඒ ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 29,313ක් සොයාගෙන ඇති අතර එරට සමස්ථ වෛරස් ආසාදිතයන් 1,345,254ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රසීලයේ ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 555ක් හමුවී ඇති අතර එරට මේ වන විට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 57,658ක් වනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය සංඛ්‍යාව 50,000 කට ආසන්න වී තිබෙනවා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 43,550ක් ලෙසයි.

එමෙන්ම එරට ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 311,151ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 549,197ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ගත වූ පය 24 තුල එරටින් නව ආසාදිතයන් 19,620ක් සොයා ගැනීමත් සමඟයි.

එරටින් කොරෝනා මරණ 16,487 ක්ද වාර්තා වන අතර ගතවූ පැය 24 තුළ නව මරණ 384ක් වාර්තාවූ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top