විවාහ වීමට සිටි යුවළක් ඡායාරූප ගත කිරීමක් අතරතුර මුහුණ පෑ අනතුරකින් තරුණයා මරුට
Monday, 29 June 2020 - 10:38 | Views - 6,159
ලග්ගල ප්රදේශයේ පිහිටි ඇති සේර ඇල්ල නමැති ස්ථානයේ ඡායාරූප ගැනීමට ගිය විවාහ වීමට සිටි යුවළක් එම ඇල්ලට ඇද වැටී තිබෙනවා.
ඊයේ (28) සිදුව මෙම අනතුරෙන් තරුණයා ජීවිතක්ෂයට ඇති බවයි වාර්තා වන්නේ.
තරුණිය තවත් පිරිසක් විසින් බේරාගෙන ඇති බවයි ලග්ගල පොලීසිය සඳහන් කළේ.
ඉලුක්කුඹුර සේර ඇල්ල නැමැති ස්ථානයේ මොවුන් දෙදෙනා ඡායාරූප ගනිමින් සිටින අවස්ථාවේ ඡායාරූප ශිල්පියා විසින් තරුණිය ඔසවා ගන්නා ලෙස තරුණයාට පවසා තිබෙනවා.
එහිදී තරුණයා තරුණියව ඔසවා ගත් අවස්ථාවේ ඔවුන් දෙදෙනාම ඇල්ලෙන් පහළට ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි ලග්ගල පොලිසිය පැවසුවේ.
අනතුරෙන් මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුරුණෑගල ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.
ලග්ගල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අතුරුදන්වූ තරුණයා සෙවීම සඳහා නාවික හමුදාවේ සහය ඉල්ලා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article