සැමියා බිරියානි ගෙනැවිත් නොදුන්න නිසා සිරුරට පෙට්ට්‍රල් වත්කර ගිනි තියාගත්ත බිරිඳ මිය යන මොහොතේ කියූ සංවේදී කතාව
Monday, 29 June 2020 - 10:15 | Views - 1,137
සැමියා බිරියානි ගෙනැවිත් ලබා නොදීම හේතුවෙන් සිරුරට ගිනි තබාගත් බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ඉන්දියාවේ, චෙන්නායිහි  පදිංචිව සිටි දෙදරු මවක් වන සෞම්‍යා නමැති අයෙක්.
 
මොවුන් ජීවත් වන කුලි නිවෙසහි අයිතිකරු විසින් පසුගියදා තමන්ට බිරියානි පාර්සලයක් ගෙනැවිත් දෙන ලෙස මුදල් ලබාදී තිබුණා.
 
එය ඇසීමෙන් අනතුරුව සෞම්‍යා ද කම්කරුවෙකු වන සිය සැමියා වෙත කියා සිටියේ, තමන්ට ද බිරියානි ආහාරයට ගැනීමට අවශ්‍ය බවයි.
 
කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් එරට බොහෝ සේවා ස්ථාන වසා දමා ඇති බැවින් බිරියානි මිලදී ගැනීම සඳහා වන මුදල් තමන් සතුව නොමැති බවයි එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
 
අනතුරුව අඹුසැමියන් අතර බහින් බස්වීමක් ද සිදුව ඇති බව සඳහන්.
 
ඉන් කෝපයට පත් සෞම්‍යා යතුරුපැදියෙහි තිබු පෙට්ට්‍රල් සිය සිරුරට වත්කරගෙන ගිනි තබාගෙන තිබුණා.
 
බරපතල තුවාල සහිතව රෝහල් ගත කළ ඇය එහිදී කියා සිටියේ, " මගේ සැමියා මාව බේරගනියි කියලා හිතුවා..දරුවන්ගෙන් සහ සැමියාගෙන් වෙන වෙන එක දුකයි.." යනුවෙන්.
 
එලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top