පළාත් කිහිපයකට වැසි වැඩි වීමක්
Monday, 29 June 2020 - 8:13 | Views - 441
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ, මධ්‍යම හා දකුණු පළාත්වලද විටින් විට වැසි ඇතිවන අතර, උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ගාල්ල සිට මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළුවිය හැකියි.
Share This Article