තවමත් බෙහෙතක් සොයාගත නොහැකි වූ බුලත් රෝගය (වීඩියෝ)
Sunday, 28 June 2020 - 15:03 | Views - 373
ශ්‍රී ලංකාව පුරා වැඩෙන සදාහරිත, බහු වාර්ෂික වැල් ශාකයක් ලෙසින් බුලත් හඳුන්වා දෙන්නට පුළුවන්.

මේ දිනවල බුලත් ශාකයට වැළදී ඇති රෝගී තත්ත්වයක් නිසා වගාකරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බවට අපට වාර්තා වුණා.

නාග වල්ලි දළු පේතං ....බුලත්.. නාග ලොවින් ගෙනවිත් බුදුන් වහන්සේට පූජා කර ඇති බවට ඉපැරණි පත පොත මනාව සාක්ෂි දරනවා.

එමෙන්ම ඈත අතීතයේ සිට අද දක්වා බුලත් හුරුල්ලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මධ්‍යම අට්ටවිල්ලුව, කිවුල, 09 බවුම ආදී ප්‍රදේශවල අක්කර 50ට ආසන්න ප්‍රමාණයක බුලත් වගාව ඉතා සාර්ථකව පැවති බවට පාරම්පරික බුලත් වගාවේ නියලෙන්නන් පවසනවා.

නමුත් මේ දිනවල පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් බුලත් වගාවට කණ කොකා හඩා ඇති බවට වගාකරුවන් මැසිවිලි නඟනවා.

මෑතක සිට බුලත් වගාවට වැළදී ඇති රෝගයක් නිසා වගාව මුළුමනින්ම විනාශයට ලක්ව ඇති බවයි මේ ගම්මානවල බුලත් වගාවේ නියැලෙන්නන් පවසන්නේ.

ඔවුන් එය හදුන්වන්නේ තෙල් රෝගය යනුවෙන්.

මෙම රෝගය කුමක්ද යන්න හඳුනා ගැනීමට හෝ මර්දනයට අවශ්‍ය උපදෙස් කෘෂිකර්ම පරියේෂණ ආයතනයෙන් තවමත් නොලැබීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවට වගාකරුවන් චෝදනා කරනවා.

එම රෝගයට ස්ථීර විසදුම් නැතත් ගොවියන්ගේ දැනුමට අනුව මෙම රෝගයට අවසන් විසඳුම වී ඇත්තේ බුලත් වැල මුලින්ම ගලවා පුළුස්සා දැමීම පමණයි.

එමෙන්ම පුත්තලම වෙල‍ෙගෙන ඇති අධික නියගය නිසාද බුලත් වගාකරුවන්ට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

බුලත් වගාකරුවන්ගේ මෙම ගැටළු සදහා නිසි විසඳුම් ලබා දෙන්නට බලධාරීන්ගේ නිසි අවධානය නිසි කලට යොමු නොවුනහොත් නුදුරේදීම බුලත්, කළුනික මෙන් වනවාට නොඅනුමානයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top