මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සමාජ ගත කිරීමට නව වැඩපිළිවෙලක්
Sunday, 28 June 2020 - 14:14 | Views - 621
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුලු ආරක්ෂක අංශ විසින් මත්කුඩු වැටලීමේ මහා පරිමාණ මෙහෙයුම් කොතරම් සිදුකළද තවමත් සමාජය තුළ සුලබව මත්ද්‍රව්‍ය පවතින බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.ඔහු මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සමාජ ගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යොවුන් පිබිදුම වැඩසටහනට අද එක්වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව ආරක්ෂක ලේකම්වරයාගේ සහ වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙහි පළමු අදියර අද ගංඟාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද උදෑසන ආරම්භ වුණා.
Share This Article