හක්කපටස් හේතුවෙන් මුඛයට බරපතල තුවාල සිදුවූ කෙනෙරකට ප්‍රතිකාර (වීඩියෝ)
Sunday, 28 June 2020 - 14:06 | Views - 542
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මුඛයට බරපතල තුවාල සිදුවී ඇති මව් කෙනෙරකට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කළා.කලා වැවේ අලි රංචුවේ සිටින මව් කෙනෙරක් මෙලෙස තුවාල ලබා සිටින අතර එම සත්වයාට පැටවෙකු ද සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.මුඛයට බරපතල හානි සිදුවීම හේතුවෙන් ආහාර හෝ ජලය ලබාගැනීමට ද නොහැකිව සිටින මෙම කෙනෙර ශාරීරිකව ඉතා දුර්වල මට්ටමට පත්ව සිටින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.වයස අවුරුදු 25ක් වන මෙම කෙනෙර මේ දිනවල කලාවැව උද්‍යානය අසල ගොවි බිම් ආශ්‍රිතව සැරිසරමින් සිටිනවා.එම සත්වයාට ප්‍රතිකාර කිරීම සිදුවූයේ ද ගොවි බිමකදී වීම විශේෂත්වයක්.ප්‍රතිකාර ලබාදීමෙන් පසු කෙනෙර යළිත් කලාවැව ජාතික උද්‍යානයට පළවා හැරුනු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article