හක්කපටස් හේතුවෙන් මුඛයට බරපතල තුවාල සිදුවූ කෙනෙරකට ප්‍රතිකාර (වීඩියෝ)
Sunday, 28 June 2020 - 14:06 | Views - 543
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මුඛයට බරපතල තුවාල සිදුවී ඇති මව් කෙනෙරකට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කළා.

කලා වැවේ අලි රංචුවේ සිටින මව් කෙනෙරක් මෙලෙස තුවාල ලබා සිටින අතර එම සත්වයාට පැටවෙකු ද  සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.

මුඛයට බරපතල හානි සිදුවීම හේතුවෙන් ආහාර හෝ ජලය ලබාගැනීමට ද නොහැකිව සිටින මෙම කෙනෙර ශාරීරිකව ඉතා දුර්වල මට්ටමට පත්ව සිටින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

වයස අවුරුදු 25ක් වන මෙම කෙනෙර මේ  දිනවල කලාවැව උද්‍යානය අසල ගොවි බිම් ආශ්‍රිතව සැරිසරමින් සිටිනවා.

එම සත්වයාට ප්‍රතිකාර කිරීම සිදුවූයේ ද ගොවි බිමකදී වීම විශේෂත්වයක්.

ප්‍රතිකාර ලබාදීමෙන් පසු කෙනෙර යළිත් කලාවැව ජාතික උද්‍යානයට පළවා හැරුනු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top