බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු දිවයිනට (වීඩියෝ)
Sunday, 28 June 2020 - 14:02 | Views - 1,200
බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද දිවයිනට පැමිණියා.මෙම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.මින්ස්ක් නුවර සිට පැමිණි එම කණ්ඩායමට අයත් වැඩිදෙනෙකු එරට උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ගොස් සිටි සිසුන් බව සඳහන්.මොවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.මීට පෙරද බෙලරූස් සිට විශේෂ ගුවන් යානයකින් තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එනු ලැබුවා.
Share This Article