අද සිට ඇඳිරි නීතිය මුලුමනින්ම ඉවත් කෙරේ (වීඩියෝ)
Sunday, 28 June 2020 - 13:57 | Views - 746
ඇඳිරි නීතිය මුලුමනින්ම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.අද සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් මාර්තු 20 වනදා පළමු වරට පනවනු ලැබු ඇඳිරි නීතිය ජුනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට පසුදා අලුයම 4 දක්වා පමණයි.
Share This Article