ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
Sunday, 28 June 2020 - 8:07 | Views - 702

ලොවපුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා තිබෙනවා.
එමෙන්ම මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 54 ලක්ෂයක්.
කොරෝනා වෛරසය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන වර්ල්ඩ් මීටර් වෙබ් අඩවියට අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 10,075,102 ක්ලෙසයි.
මරණ සංඛ්‍යාව 500,626ක් ලෙස සටහන් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 5453,000ක්.
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් 2,596,000ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 128,000කට අධිකයි.
ඇමරිකාවේ ඊයේ දිනයේදීද 40,000 ඉක්මවූ නව ආසාදිතයන් වාර්තාවූයේ එරට වෙරළාසන්න ප්‍රාන්ත යළි විවෘත කිරීම ආරම්භ කිරීමට සමගාමීවයි.
පසුගිය දින තුනේම ඇමරිකාවෙන් නව ආසාදිතයන් 40,000කට අධික සංඛ්‍යාවක් වාර්තාවීම විශේෂත්වයක්.
බ්‍රසිලයෙන් කොරෝනා ආසාදිතයන් 1,315,000 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 57,100ක්.
රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 627,000 ක් සහ මරණ 8,900ක් වාර්තාවුණා.
කොරෝනා වෛරසයෙන් සිව්වෙනිව වැඩිම පීඩාවට ලක්වූ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 529,500 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා තිබෙනවා.
මේ අතර, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගියා.
එසේම, වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 20 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,639ක්.
තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 383ක් පමණයි.
මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගෙන් 904 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, ඉන් 821 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.
ඒ අනුව, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 83ක්.
Share This Article