අඛණ්ඩව සිව්වන වරටත් අනුරුද්ධ පාදෙණියට වෛද්‍ය සංගම් සභාපති ධුරය
Sunday, 28 June 2020 - 8:03 | Views - 776
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යළි තේරී පත්වුණා.
ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදියි.
එහිදී සභාපතිවරයා ඇතුලූ නිලධාරී මඩුල්ල නිතරගයෙන් තේරී පත්වීමද විශේෂත්වයක්.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිතරගයෙන් සභාපති ධුරයට පත්වූයේ අඛණ්ඩව හතරවන වතාවට වන අතර, ඔහු පසුගිය වසර 10 ක කාලය පුරාවටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය හොබවනු ලැබුවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පත්වූ අතර, උප ලේකම්වරුන් ලෙස වෛද්‍ය නවීන් ද සොයිසා සහ වෛද්‍ය සමන්ත ආනන්ද, පත්වුණා.
Share This Article