කුණාටුවකට හසුවී අනතුරට පත්වූ හලාවත ධීවරයෝ (වීඩියෝ)
Saturday, 27 June 2020 - 15:44 | Views - 684
හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා 2 ක් අනතුරට ලක්ව තිබෙනවා.කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ එහි සිටි ධීවරයින් සිව් දෙනා මුදාගැනීමට හැකිවූ බවයි.මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, ඊයේ පෙරවරුවේ හලාවත මෝයෙන් මුහුදු ගිය හලාවත, මැදවත්ත ගම්මානයේ ධීවරයින් සිව් දෙනෙකු සිටි ධීවර යාත්‍රා 2 ක්. ඊයේ අලුයම් කාලයේ කුණාටුවකට හසුවීමෙන් මෙම යාත්‍රා අනතුරට ලක්ව තිබෙනවා.අප වාර්තාකරු පැවසුවේ, අනතුරට පත් ධීවරයින් මුදා ගැනීම සඳහා ධීවර යාත්‍රා 8 ක් දියඹට ගිය බවයි.ඒ අනුව, ඊයේ පස්වරුව වනවිට එක් යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු මුදාගැනීමට හැකිවුණා.අනෙක් යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනාද අද පෙරවරුවේ බේරා ගැනීමට හැකිවුණා.අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් දෙදෙනා රබර් ටියුබයක ආධාරයෙන් මුහුදු සැතපුම් 12 ක් පමණ වෙරළ දෙසට පාවෙමින් පැමිණ ඇති බවයි.එහිදී ප්‍රදේශවාසී ධීවරයින් විසින් අනතුරට පත්වූවන් බේරාගෙන තිබෙනවා.අනතුරට පත්වූ ධීවරයින් දෙදෙනා මේ වනවිට හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article