කැටවලපිටිගේ සම්පත් භාවිත කළ යතුරුපැදිය රදාවඩුන්නේ පුද්ගලයෙකුගේ බවට හෙළිවේ
Saturday, 27 June 2020 - 14:33 | Views - 499
පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු වූ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් ජේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවලපිටිගේ සම්පත් භාවිත කළ යතුරුපැදිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කැදවන ලද වාර්තාවකට අනුව එය දික්ඕවිට - රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බවට අනාවරණ වී ඇති බවයි.
මීට අදාළ ඉදිරි විමර්ශන මල්වතුහිරිපිටිය පොලීසිය මගින් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
එසේම කැටවලපිටිගේ සම්පත් ගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට ගම්පහ රෝහලේදී සිදුකෙරෙනවා.
Share This Article