සිනමාව නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන
Saturday, 27 June 2020 - 14:08 | Views - 482
රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබාදිය හැකි සහන මෙවර අයවැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ක්ෂේත්රයේ පවතින ගැටළු පිළිබඳව සිනමා ක්ෂේත්රයේ නියුතු වූවන් සමඟ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
කොරෝනා වසංගතය හේතුවෙන් දින 100කට වැඩි කාලයක් සිනමාශාලා වසා තිබුණ ද ඒවා යාවත්කාලීව පවත්වාගෙන යාම සඳහා තමන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවූ බව මෙහිදී සිනමා ක්ෂේත්රයේ නියුතු වූවන් පෙන්වා දී තිබෙනවා.
සිනමාශාලා විවෘත කිරීම අද සිට සිදුවන අතර, ඊට අදාළ සෞඛ්‍ය උපදෙස් සිනමාශාලා හිමියන් වෙත මීට පෙර යොමුකරනු ලැබුවා.
Share This Article