වසරේ ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තාවන කාලසීමාව ජූලි සහ අගෝස්තු මාස බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කරන්නේ ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ මෝසම් වර්ෂාව හේතුවෙන් රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
පසුගිය මාස පහ තුළ ඩෙංගු රෝගීන් 21,000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති අතර, ඉන් 11,000 ක් වාර්තාවූයේ පසුගිය ජනවාරි මාසයේයි.
වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ, ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වාර්තාවනවා.
පසුගිය වර්ෂවලට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.