මාල කොල්ලයට ආ සැකකරු සී.සී.ටි.වී. දර්ශන ඔස්සේ අත්අඩංගුවට (වීඩියෝ)
Saturday, 27 June 2020 - 12:24 | Views - 740
මඩකලපුව - කාත්තාන්කුඩි, ආරයන්පති මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙක් ආරක්ෂිත කැමරාවක දර්ශන ඔස්සේ කාත්තාන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.සැකකරු මාල කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බවයි කාත්තාන්කුඩි පොලිසිය පවසන්නේ.මීට දින කීපයකට ඉහතදී සැකකරු මෙම කාන්තාවගේ මාලය කොල්ල කෑමට උත්සහකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සිදුවීම සිදු වූ ස්ථානයේ අසල සවිකර තිබු ආරක්ෂිත කැමරා දත්ත උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.
Share This Article