ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවයි
Saturday, 27 June 2020 - 11:58 | Views - 746
ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ සිදු කළ පී.සී.ආර් .පරීක්ෂණ වලින් නව කොරෝනා ආසාදිතයින් 18.000ට අධික පිරිසක් හමුවීමත් සමඟ එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500,000 ඉක්මවා තිබෙනවා.
මේ අතර, ඉන්දියාවේ කොරෝනා ආසාදිත මරණ 15,689ක් වාර්තා වී තිබෙනවා.
ඊයේ (26) දිනයේදී ද ඉන්දියාවෙන් කොරෝනා මරණ 384 ක් වාර්තා වුණා.
පසුගිය දින අට පුරා අඛණ්ඩව ඉන්දියාවෙන් 14,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් වාර්තාවූ අතර, එම සංඛ්‍යාව ඊයේ 18,000 ඉක්මවූයේ ප්‍රථම වතාවටයි.
ඉන්දියාවේ පළමු ආසාදිතයා හමුවී ආසාදිතයන් ලක්ෂ පහ වාර්තාවීමට ගතවී ඇති කාලය දින 149 ක්.
එරට කොරෝනා රෝගීන් දෙලක්ෂ 95,880 ක් සුවය ලබා ඇති අතර, දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එක්ලක්ෂ 97,387ක්.
Share This Article