මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අරාබි ජාතිකයෙකු අත්අඩංගුවට
Saturday, 27 June 2020 - 11:50 | Views - 914
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් පුරවැසියෙකු කොච්චිකඩේ - පලගුතුරේ ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

මෙහිදී මොහු ළඟ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී මූල්‍ය වංචා සඳහා යොදා ගන්නා බවට සැක සහිත ක්‍රෙඩිට් කාඩ්පත්වල වැදගත් දත්ත කිහිපයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මීට අමතරව විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ ඡායාරූප හා වීඩියෝපට ඇතුළත් දර්ශන කිහිපයක් ද ජංගම දුරකථනයෙන් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලැගුම්හල තුළ සැකකරු සඟවා තිබූ වායු රයිෆලයක් ද මෙහිදී සොයා ගත් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top