මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අරාබි ජාතිකයෙකු අත්අඩංගුවට
Saturday, 27 June 2020 - 11:50 | Views - 915
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් පුරවැසියෙකු කොච්චිකඩේ - පලගුතුරේ ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
මෙහිදී මොහු ළඟ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී මූල්‍ය වංචා සඳහා යොදා ගන්නා බවට සැක සහිත ක්‍රෙඩිට් කාඩ්පත්වල වැදගත් දත්ත කිහිපයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මීට අමතරව විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ ඡායාරූප හා වීඩියෝපට ඇතුළත් දර්ශන කිහිපයක් ද ජංගම දුරකථනයෙන් සොයාගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලැගුම්හල තුළ සැකකරු සඟවා තිබූ වායු රයිෆලයක් ද මෙහිදී සොයා ගත් බවයි.
Share This Article