එළවළු ලොරිවලින් කප්පම් ගත් 5 දෙනා ඇප මත මුදා හරී
Saturday, 27 June 2020 - 10:34 | Views - 581
පිටකොටුව - මැනිං වෙළඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ සහ ඕල්කට් මාවත අසළ නවතා තිබූ එළවළු ලොරි රථවලින් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, නැවත මෙම සිද්ධියට අදාළ නඩුව ලබන මස 14 වනදා කැඳවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
පෙරේදා පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, සැකකරුවන් අවුරුදු 24,36,38,55 සහ 60 හැවිරිදි වියේ පසුවන ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කහවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
Share This Article