මැතිවරණ හේතුවෙන් මුහුණු පොත අලුත් කිරීමට සකර්බර්ග් සැරසෙයි
Saturday, 27 June 2020 - 10:02 | Views - 868
2020 ඇමරිකානු ජනාධිපතිවරණය හේතුවෙන් මුහුණු පොතේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි වෙනස් කිරීමට සුදානම් වන බව ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා

වර්ණ භේදවාදී අර්බුදය සහ කොරෝනා ව්‍යප්තියද මෙම තීරණයට හේතු වූ බවයි සකර්බර්ග් වැඩිදුරටත් පවසා සිටියේ.

සිය ෆේස් බුක් ගිණුමේ සජීවී වීඩියෝ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය පිළිබද අසත්‍ය තොරතුරු වැළැක්වීමට ක්ෂණිකව පියවර ගන්නා අතරම 2020 ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද එලෙසම ඉක්මන් ප්‍රතිචාර දක්වන බවද ඔහු කියා සිටියා.
 
සුළුජාතිකයන්ට, සංක්‍රමණිකයන්ට සිදුවන අකටයුතුකම් වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස කිසියම් පුද්ගලයෙකුට හෝ ජාතියකට මානසිකව සහ ශාරීරිකව අපහසුතාවයට පත් කරන දැන්වීම් තහනම් කරන බවත් මේ සදහා Hate speech (වෛරී සහගත ප්‍රකාශ) යන ෆේස්බූක් සමාගමේ ප්‍රතිපත්තිය මෙලෙස වෙනස් කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top