ඒ - 9 මාර්ගයේ බස් රථ අනතුරකින් 13 දෙනෙකුට තුවාල
Saturday, 27 June 2020 - 8:44 | Views - 471
ඒ - 9 මාර්ගයේ කිලෝමීටර් 190 කණුව - වෙලන්කන්නි ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.
Share This Article