අනූ නවලක්ෂය ඉක්මවූ කොවිඩ් ආසාදිතයින්
Saturday, 27 June 2020 - 7:53 | Views - 515
ලොව පුරා කොවිඩ් 19 ආසාදනය වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව අනූ නවලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9,903,774ක් ලෙසයි දැක්වෙන්නේ.

ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 496,796ක්.

මේ අතර ඇමරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාවේ කොවිඩ් අවදානම තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,055ක්.

ඇමරිකා එක්සත් ජනපදයෙන් මරණ 663ක් ඊයේ දිනයේදී වාර්තා වූ අතර තෙවැන්නට වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණේ කොවිඩ් අවදානම් ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන්.

ඒ අනුව ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 381ක්.

මේ වනවිට ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 2,552,956ක්, බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,280,054ක්, රුසියාවෙන් ආසාදිතයින් 620,794ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 509,446ක් වාර්තා වනවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කිරීමේ ප්‍රයත්නයේදී බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා - සෙනෙකා එන්නත පෙරමුණ ගෙන ඇති බවයි.

එම එන්නත මේ වන විට මහා පරිමාණ අත්හදා බැලීම්වලට ලක් කෙරෙන අතර, මානව පරීක්ෂාවල මැදි අදියරේ පවතිනවා.

බ්‍රිතාන්‍යයේ මෙම කොරෝනා එන්නත සංවර්ධනය කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් විසින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top