අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද කොළඹ ප්රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද (27) රාත්රී 10 සිට හෙට පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13, 14 සහ 15 යන ප්රදේශවලටයි.
මීට අමතරව කොළඹ 1,11 සහ 12 යන ප්රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය සඳහන් කළා