මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම් කරන බව පොලිසිය කියයි
Friday, 26 June 2020 - 20:17 | Views - 4,097
මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහ අත්‍යවශ්‍ය බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
මාස 3ක පමණ කාලයක් පවත්වාගෙන ආ අත් සේදීම දුරස්ථ භාවය තබා ගැනීම ඇතුලු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.
මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙසට සලකා නීතිමය පියවර ගන්නා බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.
Share This Article