ඉබි, යතුරු කඩා පිටියකට ඇතුළු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකට ඇප
Friday, 26 June 2020 - 19:38 | Views - 474
කළුතර - වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම, දේපලවලට අලාභහානි සිදුකිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අදාළ ක්‍රීඩාංගනයේ කළමනාකරු විසින් පසුගිය 23 වනදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේ වෙතත්, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඔවුන් ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.
Share This Article