බැඳුම්කර සිද්ධියට රවී ඇතුළු 7 දෙනෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි
Friday, 26 June 2020 - 19:30 | Views - 1,814
බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපුු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ගොනුකළ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී සලකා බැලූණා.

අදාළ චෝදනා වරෙන්තු නියෝගයක් නැතිව හෝ අත්අඩංගුවට ගත හැකි ඒවා බවයි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක එහිදී අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මාර්තු 6 වනදා නියෝග කළා.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශවයට ඉදිරිපත් වී ඇති චෝදනා පොදු දේපල පනත යටතේ වන වැරදි බවයි.

එමෙන්ම, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හේතුවෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 51.98ක අති විශාල ලාභයක් ලැබී ඇති බව ද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයෙකුට පවතින බවයි.

මේ අතර, නඩුකරයක් පවතින අවස්ථාවක නීතියේ සීමාවේ සිට කටයුතු නොකරන්නේ නම් ලබාදී තිබෙන ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රන්ජන් ලමාහේවා ට දැඩිව අවවාද කළා.

අදාල පුද්ගලයින් දෙදෙනා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී නඩුවට සහ පැමිණිල්ලට අගතියක් වන අයුරින් විවේචන ඉදිරිපත් කළ බවට පවසමිනුයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අවවාදය සිදුකර තිබුණේ.

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී විවේචන අධිකරණයට අපහාස කිරීමක් වන බැවින් ඊට අදාළ සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව නඩුවට බලපාන අයුරින් හා පැමිණිල්ලට අගතියක් වන අයුරින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ සිදුනොකරන ලෙස, විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට අවවාද කළා.

එමෙන්ම, විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග කියා සිටියේ අදාළ පුද්ගලයින් දෙදෙනා මාධ්‍යයට සිදුකර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව අධිකරණය හමුවට ඉදිරිපත් වූ පසු එකී ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා.

ඒ ඇවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති එම කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top