පොලිස් වෙඩි පහරින් මියගිය පාතාල වෙඩික්කරුගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට
Friday, 26 June 2020 - 19:19 | Views - 1,409
පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් ජේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවලපිටිගේ සම්පත් ගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට ගම්පහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ඔහු පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

ගම්පහ - මල්වතුහිරිපිටිය - පුවක්පිටිය - රබර්වත්ත පාරේදි අද අලූයම 5.30ට පමණ විමර්ශන රාජකාරියේ යෙදී සිටි මල්වතුහිරිපිටිය පොලීසියේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව, ක්ෂණික මාර්ග බාධකයක් යොදා යතුරුපැදියක් නැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ යතුරුපැදිය පොලිස් අණ නොතකා නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින් එය ලූහුබැඳ ගොස් ඇති අතර, එහි ගමන් කළ සැකකරු පොලීසියට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

මෙහිදී පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් තුවාල ලැබූ සැකකරු මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිළ රථයට ද වෙඩි ප්‍රහර 3ක් එල්ල වී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ 25 හැවිරිදි කැටවලපිටියේ සම්පත් ළඟ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව උණ්ඩ 4 ක්, හිස් පතොරම් කොපු දෙකක් සහ රුපියල් 48,000ක මුදලක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මේ අතර මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ලියනගේ ජනිත් හෂාන් විමලවීර හෙවත් කොන්ඩ ජනිත්ගේ නිවස ඉදිරිපිට තිබී රිවෝල්වරයක් සහ පතොරොම් 5ක් අද අලූයම සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මොරටුව - අගුලාන - සමුද්‍රදිසි මාවත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට ආරක්ෂිතව සගවා තිබියදී මේවා සොයා ගත් බවයි.

මේ අතර, නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ පාතාලයට සහ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ බෙදා හරින පුද්ගලයින්, ඊට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් මෙන්ම නිල ඇඳුමින් සැරසී සිටින පුද්ගලයින් මෙලෙස නීතිය හමුවට ගෙන ආ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top