අකුණුසැර වැදීම්වලින් ඉන්දියාවේ 100කට වැඩි පිරිසක් මරුට
Friday, 26 June 2020 - 18:25 | Views - 583
ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක අකුණුසැර වැදීම්වලින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි මේවන විට අනාවරණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බිහාර් ප්‍රාන්තයේ පමණක් අකුණුසැර වැදීමෙන් පුද්ගලයන් 83 දෙනෙකු මරණයට පත්වී ඇති අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

ගතවූ දින දෙකක කාලය තුල මෙම අනතුරු සිදුවී තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ අසල්වැසි ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අකුණුසැර වැදීම්වලින් මියගොස් ඇති සංඛ්‍යාව 20ක්.

මරණයට පත්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කණගාටුව පළකර තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ ආපදා කළමණාකරන අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ මෑත කාලීනව ගතවූ වසර කිහිපයක් තුල අකුණුසැර වැදීම් හේතුවෙන් සිදුවූ වැඩිම මරණ ප්‍රමාණය මෙය බවයි.

2018 වසරේ ඉන්දියාවේ අකුණු වැදීම් හේතුවෙන් 2300කට වැඩි පිරිමන් මියගොස් තිබෙනවා.

එමෙන්ම 2005 වසරේ සිට සෑම වසරකම පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් අකුණු අනතුරු හේතුවෙන් මරණයට පත්වන බවයි ඉන්දීය ආපදා කළමණාකරන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනෙක් රටවලට සාපේක්ෂව එළිමහනේ සේවය කරන පුද්ගලයන් ඉන්දියාව තුල ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඔවුන් අකුණුසැරවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතිනවා.

2018 වසරේදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පැය 13ක් තුල අකුණුසැර වැදීම් 36749ක් වාර්තාවී තිබුනා.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව තුල මෝසම් වැසි සමයේ අකුණුසැර වැදීම් සාමාන්‍ය සිදුවීමක් බවයි.

මේ අතර මේ දිනවල ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හමුවේ ගස් කඩා වැටීමෙන් ද දේපළ හානි රැසක් සිදුවී තිබෙනවා.

කාලගුණ බලධාරීන් ජනතාවට අනතුරු අගවා ඇත්තේ තවදුරටත් කාලගුණය අයහපත් විය හැකි බැවින් නිවෙස්වලට වී සිටින ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top