TikTok වීඩියෝ නිකුත් කළ කවුරුත් දන්න සුරූපී නිළියකට තරුණයින් පිරිසක් නිසා සිද්ධ වෙච්ච කවුරුත් නොසිතූ දේ
Friday, 26 June 2020 - 16:48 | Views - 412

කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් සමඟ සිනමා ක්ෂේත්රයේ වැඩ කටයුතු බොහෝ සේ අඩපණ වුණා.
ඒ කාලයේදී ගෙදරට වෙලා කොටු වුණ බොහෝ නිළියන් ටික්ටොක් වීඩියෝ සමාජ ගත කරගැනීමට ද පියවර ගත්තා.
මේ වගේ දේවල් කරපු නිළියක් තමා දමිළ සිනමාවේ කාලයක් ජනප්‍රියත්වයට පත් වූ පූර්ණා. කෙසේ වෙතත්, මේ වනවිට ඇයට සිනමාවේ ලැබෙන අවස්ථාවන් ඉතා අවමයි.
එහෙත් වර්තමානයේ තිරගත වූ බොහෝ චිත්‍රපටවල එක් ගීතයකට හෝ නර්තනයේ යෙදීමට ඇයට අවස්ථාව ලැබුණා. ඉන්දියාව ලොක්ඩවුන් කිරීමත් සමඟ පූර්ණාට ඒ අවස්ථාවත් අහිමි වුණා.
ඉතිං ඇයත් අනෙකුත් අය වගේ ටික්ටොක් වීඩියෝ කරමින් සිටි අවස්ථාවකදී ඒ හරහාම පිරිමි පුද්ගලයෙකු හඳුනාගැනීමට අවස්ථාවක් ලැබිලා තිබුණා.
එම පුද්ගලයා තමන් ඩුබායිහි රන් ආභරණ අලෙවිසැලක අයිතිකරුවෙකු බවත්, තමන්ට ඉන්දියාවේ ද එවැනිම අලෙවිසැලක් තිබෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
අනතුරුව ඔහු විසින් පූර්ණා වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඇය පවසා ඇත්තේ, සිය දෙමාපියන් සමඟ අදාළ කාරණාව සම්බන්ධයෙන් කතා කරන ලෙසයි.
එම පුද්ගලයා තවත් හය දෙනෙකු සමඟ පූර්ණාගේ දෙමාපියන් හමුවීමට පැමිණ තිබුණ ද, ඔවුන් ගැන නිළියට සැක සිතුණ බැවින්, අදාළ කාරණාව සම්බන්ධයෙන් වෙනත් දවසක කතා කරමු යැයි පවසා පිටත් කර හැර තිබුණා.
ඔවුන් ගිය පසුව නිවසේ සී.සී.ටී.වි දර්ශන නිරීක්ෂණය කිරීමේදී එම පිරිස් පූර්ණාගේ නිවස සහ වාහනයේ ඡායාරූප ගත් අයුරු දැක තිබුණා.
ඒ වනවිටත් අදාළ පුද්ගලයාගේ ටික්ටොක් ගිණුම අක්‍රීය කර තිබු අතර එහිදී ද ඔහු ව්‍යාජ නමකින් පෙනි සිට ඇති බවයි අනාවරණවී ඇත්තේ.
කෙසේ වෙතත් ඔහු විසින් පූර්ණාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන ලෙසත් එලෙස නොකළහොත් ලැබෙන සිනමා අවස්ථා කඩාකප්පල් කරන බවත් ප්‍රකාශ කර තිබුණා.
මේ සම්බන්ධයෙන් නිළිය සහ ඇයගේ මව පොලිසිය පැමිණි කර තිබු අතර ඒ අනුව එම පිරිසෙන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
Share This Article