සාෆිගේ නඩුවට අදාළව පිටු 41ක වාර්තාවක් අධිකරණයට
Friday, 26 June 2020 - 15:32 | Views - 532
වන්ද්‍යකරණ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ට එරෙහි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ලබන අගෝස්තු මස 26 වනදා දක්වා කල් දමා තිබෙනවා.
නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව සාක්ෂි සටහන් කළ පිටු 41 කින් යුත් වාර්තාවක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් වෙත ඉදිරිපත් කර තිබෙනවා.
Share This Article