සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන යළි ආරම්භ කිරීමත් 29 සිට
Friday, 26 June 2020 - 15:17 | Views - 532

පාසල් ආරම්භ කිරීමට සමගාමීව සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තැබූ දිවයිනේ සියලු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතන පාසල් ආරම්භයට සමඟාමීව අදියර 04ක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු අදියර යටතේ ජුනි මස 29 වන දින සිට ජුලි මස 03 වනදා දක්වා සියලු පිරිවෙන් ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු අතර, අදාල ග්‍රාම සේවා වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශ සහිතව ආයතන පරිශ්‍රයන් තුළ විෂබීජ හරණ කටයුතු සිදුකර, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය ඉදිරි කටයුතු සැලසුම් කර ගතයුතු බවටයි උපදෙස් ලබා දී ඇත්තේ.
දෙවැනි අදියර තුළ, ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු මූලික පිරිවෙන් මහා පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනයන් හි ජුලි මස 06 වන දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙනවා.
ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වඩා වැඩි මූලික පිරිවෙන් වල 04 සහ 05 වසර, මහා පිරිවෙන්වල 05 වසර, ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන ශ්‍රේණි සහ 13 වසර සඳහාත්, විද්‍යායතන පිරිවෙන් තුළ11 වසර සහ 13 වසර සඳහාත් ජුලි මස 06 වෙනි දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
තෙවැනි අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 100ට වැඩි මූලික පිරිවෙන් වල 1,2,3 වසර, මහා පිරිවෙන් වල 1,2,3 වසර සහ 12 ශ්‍රේණිය, විද්‍යායතන පිරිවෙන් වල 10 සහ 12 ශ්‍රේණිය ජුලි මස 20 වනදා සිට ආරම්භ කෙරෙනවා.
සිව්වැනි අදියරේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 100ට වැඩි විද්‍යායතන පිරිවෙන් වල 6, 7, 8, 9 ශ්‍රේණි වල ජුලි මස 27 වෙනි දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන වෙත මීට අදාළ චක්‍රලේඛ සහ උපදෙස් මේ වන විටත් යොමුකර ඇති අතර, දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නිසියාකාරව අනුගමනය කරමින් අදියරෙන්, අදියර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරනවා.
Share This Article