කොරෝනා එන්නතක් තවමත් අවිනිශ්චිතයි
Friday, 26 June 2020 - 14:31 | Views - 700
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහි සාර්ථක එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත්වේ ද යන්න තවමත් අවිනිශ්චිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එවැන්නක් නිෂ්පාදනය කළ ද ඒ සඳහා අවම වශයෙන් වසරක්වත් ගත වනු ඇති බවයි එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කමිටුව හමුවේ ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරසයට මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර, සහතික වශයෙන්ම එවැන්නක් නිපදවිය හැකි ද යන්න පැවසීම දුෂ්කර කරුණක්.
එවැනි එන්නතක් නිෂ්පාදනය කළහොත් එය ලොව සියළු ජනතාවට ප්‍රවේශ විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අවධාරණය කළා.
මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 100ක් පමණ අත්හදා බලමින් සිටින අතර, ඉන් එකක් ඉහළ මට්ටමේ සංවර්ධන අවස්ථාවට පිවිස තිබෙනවා.
එමෙන්ම, කොරෝනා එන්නතක් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ ද ඒ සඳහා මාස 10ක්වත් ගත වනු ඇති බවයි විද්‍යාඥයන් උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ.
Share This Article