කොරෝනා එන්නතක් තවමත් අවිනිශ්චිතයි
Friday, 26 June 2020 - 14:31 | Views - 701
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහි සාර්ථක එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත්වේ ද යන්න තවමත් අවිනිශ්චිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එවැන්නක් නිෂ්පාදනය කළ ද ඒ සඳහා අවම වශයෙන් වසරක්වත් ගත වනු ඇති බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කමිටුව හමුවේ ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසයට මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර, සහතික වශයෙන්ම එවැන්නක් නිපදවිය හැකි ද යන්න පැවසීම දුෂ්කර කරුණක්.

එවැනි එන්නතක් නිෂ්පාදනය කළහොත් එය ලොව සියළු ජනතාවට ප්‍රවේශ විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අවධාරණය කළා.

මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 100ක් පමණ අත්හදා බලමින් සිටින අතර, ඉන් එකක් ඉහළ මට්ටමේ සංවර්ධන අවස්ථාවට පිවිස තිබෙනවා.

එමෙන්ම, කොරෝනා එන්නතක් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ ද ඒ සඳහා මාස 10ක්වත් ගත වනු ඇති බවයි විද්‍යාඥයන් උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top