පාතාල වෙඩික්කරු කැටවලපිටියේ සම්පත් ගැන තොරතුරු එළියට -[Video]
Friday, 26 June 2020 - 14:25 | Views - 781
පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් ජේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවලපිටියේ සම්පත් ගම්පහ - මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද අලුයම 5.30ට ගම්පහ - මිරිස්වත්ත ප්‍රදේශයේදී යොදවා තිබූ මාර්ග බාධකයකදී පොලිස් අණ නොතකා සිය යතුරුපැදියෙන් පළා ගොස් මාර්ගය අසළ රබර් කැළයක සැඟව සිටි ඔහු, ලුහුබැඳ පැමිණි පොලිස් නිළ රථයට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කරනු ලැබුවා.

පසුව පොලීසිය එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ සැකකරු මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්වූ  බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිළ රථයට ද වෙඩි ප්‍රහර 3ක් එල්ල වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ 25 හැවිරිදි කැටවලපිටියේ සම්පත් ළඟ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රුපියල් 48,000ක මුදලක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මොහු කලක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදා හැරිමේ ජාවාරමේ නිරතව සිටි බවයි පොලීසිය සඳහන් කළේ.  

සැකකරු පසුගිය 2018 වසරේ  අගෝස්තු 28 වනදින කඩවත රන්මුතුගල ප්‍රදේශයේදි 35 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියට බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකු ද වනවා.

මොහු පතාල කල්ලිවල වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, සැකකරු දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස නම් දරා සිටින පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන රැසක විමර්ශන ද ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, මොරගහහේන - ගෝනපළ මංසන්ධියේදී රුපියල් කෝටියකට අධික හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු දෙහිවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය කිලෝ එකයි ග්‍රෑම් 28ක්.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය සහ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකු වන අගුලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු වූ දැනට බන්ධනාගාර ගතව සිටින ජනිත් හෂාන් විමලවීර හෙවත් මර්වින් ජානා විසින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මෙහෙයවා ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු 33 සහ 35 හැවිරිදි මතුගම - පරදුව සහ ගල්පාත ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අවි ආයුධ සමඟ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ 03 ක් සහ තියුණු ආයුධ දෙකක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ අතර, අලුත්ගම - බෝන්දුපිටිය - මුදලිගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 25 කට ආසන්න හෙරොයින් සමඟ මවක සහ පුත්‍රයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 510 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මවගේ වැඩිමහල් පුත්‍රයාද මීට පෙර හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවකට බන්ධනාගාරගතව සිටින අයෙකු බව පොලිසිය සඳහන් කළා.

පිටකොටුව - මැනිං වෙළඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ සහ ඕල්කට් මාවත අසළ නවතා තිබූ එළවළු ලොරි රථවලින් කප්පම් ලබා ගත් පුද්ගලයින් 5 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 24,36,38,55 සහ 60 හැවිරිදි වියේ පසුවන ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කහවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top