පෙම්වතිය අහිමි වුණු දුකට පෙම්වතෙක් කරපු අමුතු වැඩේ
Friday, 26 June 2020 - 13:31 | Views - 431

වසර දෙකක් ඇසුරු කළ පෙම්වතිය තවත් තරුණයකු සමඟ පැන ගියා යැයි කනස්සල්ලට පත් තරුණයෙක් හැට්ට කටුවක් රත්කර පෙම්වතියගේ නම ඉංග්‍රීසි අකුරෙන් වම් අතේ කොටාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබද පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියද විශ්වවිද්‍යාල වරම් අහිමි විය. පියා විදේශ රටක සේවය කරන අතර මව ඇඟලුම් කර්මාන්ත ශාලාවක මැෂින් ක්‍රියා කරවන්නියක් ලෙස සේවය කරයි. මෙම තරුණයාට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටියි. ඔවුන් තවමත් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින බවද වාර්තා වෙයි.
එකී තරුණයා මීට වසර දෙකකට පමණ ඉහතදී පියා විසින් එවා තිබුණා යැයි කියන මුදලකින් තමන්ට ඇඳුම් ටිකක් ගැනීමට කෑගල්ල නගරයේ රෙදිපිළි අලෙවි වෙළෙඳසලකට ගිය අවස්ථාවේදී එම වෙළෙඳසලේ සේවය කරමින් සිටි සුරූපී තරුණියක් කෙරෙහි සිත ඇදි ගියාය. පසුව තරුණයා තමන්ට අවශ්‍ය ඇඳුම් පිළි ටික තෝරා ගැනීමට සුරූපී වෙළෙඳ සේවිකාවගේ සහාය ඉල්ලා සිටියාය.
වෙළෙඳ සේවිකාව තරුණයාට ඇඳුම් ටික තෝරා ගැනීමට උදවු කරමින් සිටින අවස්ථාවේදී තරුණයා වෙළෙඳ සේවිකාවගේ ජංගම දුරකථනයේ අංකයද ඉල්ලා ගත්තාය. පසුව දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පෙම්වතුන් බවට පත්වූවාය. ඇය දැනට අවුරුදු 21ක තරුණියකි. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන තරුණිය උසස් පෙළ විභාගය අවසන් වූ විගසම ඇය කෑගල්ලේ රෙදිපිළි අලෙවිසලක සේවයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
මෙම තරුණයාත් තරුණියත් වසර දෙකකට ආසන්න කාලයක් පෙමින් වේළී සිටින අවස්ථාවේදී මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින්ම මාව තමන් ළඟට ගන්නා ලෙසය. එහිදී තරුණයා තරුණියට ප්‍රකාශ කර ඇත්තේ බාල සහෝදරයත් සහෝදරියත් පාසල් අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටින බවත් නිවෙසට කැන්දාගෙන යන්න තරම් සුදුසු පසුබිමක් නිවෙස තුළ නැති බවත් තවදුරටත් ඉවසන ලෙසත් බැගෑපත්ව ඉල්ලීමක් කළේය.
පසුව තරුණියගෙන් තරුණයාට පෙර තිබූ ආදරය ටිකෙන් ටික අඩු වේගන ගිය අතර පෙම්වතියට වෙනත් සම්බන්ධතාවක් ඇති බවට තරුණයාට සැකයක්ද පහළ වී තිබිණි. එම සැකය සම්බන්ධයෙන් තරුණයා මීට සති දෙකකට පමණ ඉහතදී තරුණියගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක්ද කර ඇති බවද අනාවරණය වෙයි. එහිදී තරුණිය තරුණයාට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ආදරය සම්බන්ධතාව ටිකෙන් ටික අඩු වී යන්නට පටන් ගත්තේය.
මීට සතියකට පමණ ඉහතදී තරුණියගේ ජංගම දුරකථනය එකවර ක්‍රියාවිරහිත වීම සම්බන්ධයෙන් තරුණයා දැඩි වේදනාවට පත්විය. පසුව බැරිම තැන තරුණයා පෙම්වතිය සේවය කළේ යැයි කියන වෙළෙඳ ආයතනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සෙසු සේවිකාවකගෙන් විමසීමක්ද කර සිටියාය. එහිදී තරුණයාට දැන ගන්නට හැකි වී ඇත්තේ ඇය වෙනත් තරුණයකු සමඟ පැන ගොස් ඇති බවත් දින කිහිපයක සිට වෙළෙඳසලේ රැකියාවට නොපැමිණි බවත්ය.
දැඩි වේදනාවට පත් තරුණයා පසුව නිවෙසට පැමිණ වේදනාව තුනී කර ගැනීමේ අරමුණින් කාමරයට ගොස් ඉටිපන්දමක් මේසය මත දල්වාගෙන හැට්ට කටුවක් ගෙන එය ගිනියම් වෙනතුරු රත්කරගෙන වම් අතේ පෙම්වතියගේ නමේ මුල් වචනයේ ඇති අකුරු තුන ඉංග්‍රීසියෙන් ‘වාසනා’ නමින් පිලිස්සී පිලිස්සී හඬ හඬා කොටා ගෙන ඇති බවද වාර්තා වෙයි.
දමුණුපොළ - චමින්ද ජයලත්
Share This Article