කොළඹ ප්රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි
Friday, 26 June 2020 - 12:34 | Views - 560
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (27) කොළඹ ප්රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට රාත්රී 10 සිට පසුදින පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13, 14 සහ 15 යන ප්රදේශවලටයි.
මීට අමතරව කොළඹ 1,11 සහ 12 යන ප්රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය සඳහන් කළා.
Share This Article