මෙය තමන් ඉදිරිපත් වන අවසන් මහ මැතිවරණය බව නවීන් කියයි
Friday, 26 June 2020 - 12:01 | Views - 500

තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත්, තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , එජාප ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කරනවා.
මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව ඊයේ(25) පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
රටේ නායකයින් ගණනාවක් බිහි කළ , එක්සත් ජාතික පක්ෂයේ තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත්, එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා පැවසුවා.
මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත්, එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බවත් කී නවින් දිසානායක,
සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් සඳහන් කළා.
එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක මහතා කියා සිටියා.
Share This Article